2015
මහ මැතිවරණයෙන් බිහිවෙනු ඇත්තේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවකි. අගමැති ශී‍්‍ර
ලංකා නිදහස් පක්ෂයෙන් නම් කරනු ඇත. නව අගමැති මහින්ද රාජපක්ෂ නොවීමට තිබෙන ඉඩ ඉතා
ඉහළය. මහින්ද රාජපක්ෂ අගමැති නොවීම නිසාම ශී‍්‍ර ලංකා නිදහස් පාක්ෂිකයන්ගෙන්
කොටසක් අතෘප්තිමත් වීම නියතය. එසේ වුවත් ඔවුන් ‘‘මහින්ද අගමැති කරනු’’
යනුවෙන් ලියූ පුවරු ඔසවාගෙන
මහ පාරට නම් පැමිණෙන්නේ නැත. අලූත් ආණ්ඩුව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ වීම,
ජනාධිපති සහ අගමැති තම
පක්ෂයෙන් නිසාමත් පාක්ෂිකයන් එයින්
තෘප්තිමත් වනු ඇත. සෑම පක්ෂ සාමාජිකයෙක්ම තම පක්ෂය බලයේ ඉන්නවා දැකීමට කැමැතිය.
බලයේ ඉන්න තම පක්ෂයේ අගමැතිවරයාගේ හොඳ නරක පිළිබඳ මාස ගණනක් වාද විවාද කිරීමට
ඔවුන්ට උවමනාවක් නැත. ඒ නිසා මහින්ද අගමැති නොවීමේ විවාදය සති කීපයකින් අවසන් වනු
ඇත.
මහ මැතිවරණය ආරම්භයේදී ජයග්‍රහණය හිමිව තිබුණේ එක්සත් ජාතික පක්ෂයටය. මැතිවරණයේ ප්රචාරක කටයුතු අවසානයට පැමිණෙනවාත් සමඟම ජයග්‍රහණයේ කුසලානය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ සන්ධාන පිළට හිමිවෙන ලකුණු පහළ වී අවසන්ය.
සන්ධානය ලබන ජය
තහවුරු කරන ලද්දේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන විසින් මහින්ද රාජපක්ෂ වෙත යවනු
ලැබූ විවෘත ලිපියත් සමඟය. ලිපිය යවන ලද්දේ පසුගිය 13 වැනිදාය. එම ලිපියේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන
පිහිටු වන්නට සූදානම් අනාගත ආණ්ඩුව පිළිබඳ සලකුණු බොහෝය.
එම සලකුණු
අතරින් ලේඛකයාගේ වැඩිම අවධානය යොමු වූයේ ලිපියේ පහත වැකි කෙරෙහිය.
‘‘එළඹෙන
මැතිවරණයේදී ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය අවම ආසන සංඛ්‍යාව වන ආසන 113 සීමාවට ලඟා වීමට එජනිසයට හැකි වුවහොත් අගමැති ලෙස පත්
විය යුත්තේ මෙතෙක් අවස්ථාව අහිමි වූ ශී‍්‍රලනිප ජ්‍යෙෂ්ඨ නායකයෙකු බව මම විශ්වාස
කරමි. යම් හෙයකින් එජනිසයට 113 සීමාවට ලඟා වීමට නොහැකි වී,
ඒ ආසන්නයට පමණක් ලඟා වීමට
හැකි වුවහොත් ආණ්ඩුවක් පිහිටු වීමට අවශ්‍ය ඉතිරි ආසන සංඛ්‍යාව ලබා ගැනීම සඳහා
විධායක ජනාධිපති වරයා ලෙස මා හට මැදිහත් විය හැකිය. එවිටද අගමැති විය යුත්තේ ඔබ
නොව පක්ෂයේ වෙනත් ජ්‍යෙෂ්ඨ නායකයෙකි’’.
ජනාධිපතිවරයා
සාර්ථක පදනමක පිහිටා පැහැදිලි නිගමනයකට පැමිණ ඇත. පාර්ලිමේන්තුවේ මන්තී‍්‍ර ආසන
සංඛ්‍යාව 225කි.
ආණ්ඩුවක් පිහිටු වීම සඳහා තනි පක්ෂයක් ඉන් ආසන 113ක් හිමි කරගත යුතුය. මෙම ආසන 225න් කුඩා පක්ෂ සියල්ලටම ආසන 30ක් වෙන් කරමු.
එවිට එක්සත් ජාතික පක්ෂය හා එජනිසය යන කණ්ඩායම් දෙකට බෙදී යන්නේ ආසන 195කි. එක් පක්ෂයකට 100ක් හෝ 95ක් වශයෙන් ඉතාම කුඩා ආසන වෙනසකින් එජනිසය ජය ලබනු ඇත.
ප්‍රධාන පක්ෂ
දෙක අතර කුඩා වෙනසක් සහිතව දිනුවත් පරාද වුවත් ජනාධිපතිවරයා ආණ්ඩුවක් පිහිටු වීමට
සූදානම් බව ඉතා පැහැදිලිය. ජනාධිපති මෛතී‍්‍රපාල
සිරිසේනගේ බලාපොරොත්තුව වන්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටු වීමටය. ඔහුට
එම හැකියාව තිබෙන බවද පැහැදිලිය. මැතිවරණය ආරම්භයේදීම මෛතී‍්‍රපාල සිරිසේන මහතා
කියූ දෙයක්ද මෙහිදී සිහිපත් කිරීම වටී. ‘‘
රනිල් වික්‍රමසිංහ අගමැති
කිරීමට මා බැදී සිටියේ දින සියයේ ආණ්ඩු කාලයට පමණයි. මහමැතිවරණයෙන් පසුවත් ඔහු
අගමැති කිරීමට මා බැදී නැහැ’’ යනුවෙන් ඔහු කීවේය.
මැතිවරණ ප්‍රතිඵලයෙන් පසුව ජනාධිපතිවරයා ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කුඩා පක්ෂ එකතු කරගන්නවා ඇත. ඒ වගේම ජනාධිපතිවරණයේදී මෛතී‍්‍රපාල සිරිසේනට සහයෝගය දුන් අතුරලියේ රතන හිමි, චම්පික රණවක, අර්ජුන රණතුංග සහ රාජිත සේනාරත්න වැනි එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත් වූ මන්තී‍්‍රවරුන් නැවැත ජනාධිපතිවරයාට එකතු වෙනවා ඇත.
ජනාධිපතිවරයා පසුගිය 14 වැනිදා සවස ශී‍්‍රලනිපයේ සහ සන්ධානයේ පරිපාලනයේ සියලූ
බලයන්ද තමන් අතට ගත්තේය. ශී‍්‍රලනිපයේ නව ලේකම් දුමින්ද දිසානායකය. සන්ධානයේ නව
ලේකම් විශ්වා වර්ණපාලය. ඔවුන් දෙදෙනා මෛතී‍්‍ර සහ චන්ද්‍රිකා හිතවාදීන් මෙන්ම
මහින්ද විරෝධීන්ය. මේ අනුව ජනාධිපතිවරයා ගොඩ නගන නව ආණ්ඩුවේ සියලූ පරිපාලනයන්
මෙන්ම ප්‍රතිවිරෝධතාවයන්ද ඔහු
විසින් පාලනය කරනු ඇත.
ඒ අනුව ලබන 18 වැනිදා පිහිටුවන්නේ
මෛතී‍්‍ර ආණ්ඩුවක් බව සහතිකය. එහි අගමැති මහින්ද රාජපක්ෂ නොවන බවද සහතිකය.
No comments:
Post a Comment