Saturday, August 8, 2015

අනුර කුමාරගෙන් සෝමවංශ අමරසිංහට උපහාරයක්



ජනතා විමුක්ති පෙරමුණේ නායක මණ්ඩලය එහි හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතාට උපහාරයක් පැවැත්වීමට සූදානම් බව ප‍්‍රකාශ කරති.

ඔවුන් මේ බව ප‍්‍රකාශ කරන්නේ මාධ්‍ය ආයතන තුළ සිටින සිය මාධ්‍ය හිතවතුන්ටය. එම මාධ්‍ය හිතවතුන්ට දී ඇති උපදේශය මෙයයි. ‘‘ සෝමවංශ අමරසිංහගේ කිසිදු දෙයක් මැතිවරණය පහු වෙන තුරු මාධ්‍යවල දාන්න එපා. ඔහුට අපි උත්තර දෙන්නේ ඡන්දෙන් පස්සේ. ඒක එයාට කරන උපහාරයක්’’

සාමාන්‍යයෙන් ජීවත්ව සිටින මිනිසුන්ට උපහාර පවත්වන්නේ නැත. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ අමරසිංහ මහතා වෙනුවෙන් උපහාරයක් පැවැත්වීමට සූදානම් යැයි කීමෙන් ඇගවෙන  පණිවිඩයක් ඇත. එනම් ජවිපෙ හිටපු නායකයා මිය ගොස් හෝ මරා දමා ඇති බවක් එයින් කියැවේ.

ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ පක්ෂයෙන් ඉවත් වීමෙන් අනතුරුව තමන්ට එල්ල වී ඇති තර්ජනය පිළිබඳව සටහන් තබා ඇත. ඔහු ‘‘ ජවිපෙ වන්දනීයයි. හතර දෙනාගේ කල්ලිය නින්දනීයයි’’ යන කෘතියේ මෙසේ සඳහන් කරයි

‘‘ඔවුන් දැන් හම්බන්තොට පැත්තේ අප ‘‘උස්සන්න කුමන්ත‍්‍රණත්’’ කරන බව දැන ගන්න තියෙනවා. මටත් මා එක්ක එකතුවෙන අයටත් දඩුවම් දෙන්න කතා කරනවා. මේ අය රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණ තැතට විරුද්ධ නොවන්නෙ ඔවුනුත් මේ වගේ කුමන්ත‍්‍රණකරුවන් නිසා විය හැකියි. මා සමඟ එකතු වුණ කිසියම් හෝ සහෝදරියකට හෝ සහෝදරයෙකුට හෝ මට කිසියම් හෝ අනතුරකට ආපදාවකට ලක්වෙන්න සිදු වුනොත් ඒකට වග කියන්න  ඕනෙ මේ කුමන්ත‍්‍රණ කාරයොයි, ජනතා විමුක්ති පෙරමුණයි. මොන තර්ජනය ආවත් රෝහණ සහෝදරයා ගොඩ නැගූ ජනතා විමුක්ති පෙරමුණේ අරමුණ වන ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා සමාජ සාධාරණය මෙරට ස්ථාපිත කිරීම සඳහා කරන සටන නවත්තන්නේ නැහැ. යකාට බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නැහැ. ’’

No comments:

Post a Comment