Monday, August 3, 2015

කැරොකේ වසන්ත, අනුර කුමාරගේ අලූත් යාළුවායි



සුරේන්ද්‍ර වසන්ත පෙරේරා කොල්ලූපිටියේ ප‍්‍රසිද්ධ සමාජ ශාලා අයිති කරුවෙකි. ‘‘සන් හිල් ’’ සමූහ ව්‍යාපාරය ඔහුගේය. කොළඹ සමාජ ශාලා ඇසුරු කරන්නෝ සහ ව්‍යාපාරිකයෝ ඔහුව හඳුන්වන්නේ ‘‘කැරොකේ ’’ වසන්ත යන නමිනි. සත්‍ය වශයෙන්ම ඔහුගේ සුපතල නාමයද එයයි. සුරේන්ද්‍ර වසන්ත පෙරේරා මුදල් හම්බ කරන ආකාරය ඔහුට පටබැදී ඇති අන්වර්ථ නාමයෙන් කදිමට පැහැදිලි වේ.

මොහු නරකට නමගිය පුද්ගලයෙකි. 2014 වසරේ මැයි මාසයේ අමුණුවලට ප‍්‍රසිද්ධ ඇමැතිවරයෙකුගේ දියණියකට ලිංගික අතවරයක් කළා යැයි සැක පිට අත් අඩංගුවට ගත්තෙකි. දැන් ඇප පිට නිදහස්ව සිටින්නෙකි. කොළඹ ප‍්‍රසිද්ධ ‘‘ස්ටාර් ඩස්ට්’’ සමාජ ශාලාවේදී මේ සිදු වීමට මුහුණ දුන්නේ තරු වලට ප‍්‍රසිද්ධ කුමාරි නම් තරුණියයි.

2013 ජනවාරි 13 වැනිදා රාති‍්‍රයේද කැරොකේ වසන්ත ඔරුගොඩවත්ත ප‍්‍රදේශයේදී අත් අඩංගුවට ගැණුනි. ඒ ඩිෆෙන්ඩර් සහ හමර් වර්ගයේ ජීප් රථ දෙකකින් ‘‘යමක් ’’ ප‍්‍රවාහණය කරමින් සිටියදීය. දේශපාලන බලය යොදා තම වාහන පරීක්ෂා කිරීමට ඔහු පොලිස් නිලධාරීන්ට ඉඩ දුන්නේ නැත. ඒ නිසා ඔහු රහසේ ගෙනයමින් තිබුණ දේ හෙළිදරව් වූයේ නැත. අත් අඩංගුවට පත් වුවත් ඇප මත නිදහස්ව විය.


මේවා කැරොකේ වසන්තගේ පැටිකිරියේ සටහන්ව ඇති කතා ගොන්නෙන් රට දන්නා කතා දෙකක් පමණි.

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ‘‘ප‍්‍රබල’’ දූෂණ විරෝධියෙකි. සමාජවාදය පරදුවට තබා ඔහු දූෂණ විරෝධය වෙනුවෙන් පෙනී සිටින්නෙකි. එයට එරෙහිව උස් හඩින් කතා කරන්නෙකි. ඒ වගේම නීතිය සහ සමාජ සාධාරණය වෙනුවෙන් පෙනී සිටින පක්ෂයේ නායකයාය.

එපමණක්ද නොව අගමැති රනිල් වික‍්‍රමසිංහගේ නායකත්වයෙන් යුතු දූෂණ විරෝධී කමිටුවේ අනුර කුමාර සාමාජිකයෙකි. එම කමිටුවේ ක්ෂණික ප‍්‍රතිචාර කමිටුවේ ප‍්‍රධානියාය. ක්ෂණික ප‍්‍රතිචාර කමිටුවේ වගකීම වූයේ දූෂණ විරෝධී කමිටුවෙන් ලබා දෙන තොරතුරු මත වැරැදි කරුවන්ට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමයි. කොටින්ම කියතොත් අනුර කුමාර දිසානායක යනු පසුගිය ආණ්ඩුවේ දූෂිතයන්ට එරෙහි කඩා පැනීම් ඒකකයේ ලොක්කාය. අනුර කුමාරට ඒ සඳහා සියළු බලතල සහ පහසුකම් රනිල් වික‍්‍රමසිංහ විසින් ගැසට් පත‍්‍රයකින්ම ලබා දී තිබුණි. ඒ 2015 ජනවාරි මස 29 වැනිදා සිටය.



කැරෝකේ වසන්ත, ඉන් දින කීපයකට පසු  අනුර කුමාර දිසානායක හමුවෙයි. ඒ පැලැවත්ත පක්ෂ කාර්යාලයේදීය. මහින්ද වාදි දූෂිත ගැත්තෙකු වන කැරොකේ වසන්ත මහින්ද රාජපක්ෂගේ පරාජයත් සමඟ හමුවන්නේ අනුර කුමාරයි. එයින් ඇග වෙන්නේ රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුවේ අනුර කුමාරට හිමි තැන ඔහු දැනගෙන සිටි බවයි. ඒ වගේම අනුර කුමාරගේ මනෝ භාවයත් ඔහු හඳුනා ගන්නට ඇති.

එම හමුවේ ප‍්‍රතිඵල රට දැන් දන්නේය. කැරොකේ වසන්ත යහතින් සිය ව්‍යාපාර කරගෙන යයි. අනුර කුමාරගේ රුව සහිත වර්ණවත් පොස්ටර් මහ පාරේ තාප්පවල ඇල වේ.

No comments:

Post a Comment