Friday, July 31, 2015

ජනතා විමුක්ති පෙරමුණ සමාජවාදය අත් හැරපු නිසා අපි ජවිපෙන් ඉවත් වුණා



සමාජවාදය අත්හැරපු නිසා ජනතා විමුක්ති පෙරමුණෙන් තමන් ඉවත් වුණු බව සෝමවංශ අමරසිංහ මහතා පවසයි. ඔහු මෙම අදහස් පළ කළේ ජනතා සේවක පක්ෂයේ පති‍්‍රකා බෙදීමේ වැඩ පිළිවෙල අතරතුරේදීය.

අමරසිංහ මහතා එහිදී වැඩි දුරටත් අදහස් ප‍්‍රකාශ කරමින් ‘‘අපි ජනතා සේවක පක්ෂයේ මංගල සමුළුව ජූනි 27 වැනිදා පවත්වා ඉන් මාසයකට පසුව පළමුවැනි පති‍්‍රකාව බෙදීමේ වැඩ පිළිවෙල දියත් කළා.
අපි වැඩ ආරම්භ කළා. ජනතාව දැනුවත් කරනවා. ජනතා විමුක්ති පෙරමුණ අත් හැරපු වැඩ පිළිවෙල වෙනත් වචන වලින් කියනවානම් සමාජවාදය සඳහා ජනතා සේවක පක්ෂය පෙනී ඉන්නවා.  ඔන්න දැන් ජනතාවට එකතු වෙන්න පක්ෂයක් තියෙනවා’’ යැයි කියා සිටියේය.


එළඹෙන මහ මැතිවරණයේදී ජනතාව ඡන්දය දිය යුතු අකාරය පති‍්‍රකාවෙන් පැහැදිලි කර තිබේ.














No comments:

Post a Comment