Tuesday, July 28, 2015

අනුර කුමාර පක්ෂෙට හොරා මායාදුන්නෙට දුන් පොරොන්දු මෙන්න

අනුර කුමාර මායාදුන්නෙට දුන් පොරොන්දු

1. ඔබ නම් කරන්නේ  ජාතික කර්තව්‍යයක් සඳහා
 
2. පක්ෂයට කිසිම ආකාරයකට බැදීමේ අවශ්‍යතාවයක් නැහැ

3. පක්ෂය වෙනුවෙන් වේදිකාවකට හෝ වෙනත් ප‍්‍රචාරක කටයුත්තකට හෝ මැදිහත් වීමේ අවශ්‍යතාවයක් කිසිසේත්ම නැහැ

4. පාර්ලිමේන්තුවට නම් කළොත් ඉන් පසුවත් ස්වාධීනව කටයුතු කරන්න කිසිඳු බාධාවක් නැහැ

5. පක්ෂයේ කිසිම වැඩකට යොදා ගන්නේ නැහැ

මායාදුන්නේ ජවිපෙට දැමූ කොන්දේසි

1. මම ජවිපෙ ප‍්‍රතිපත්තිවලට කැමැති නැහැ
 
2. මම පක්ෂ දේශපාලනයට එකග නෑ.

3. මම පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීමට  බලාපොරොත්තු වෙනවා


ජනතා විමුක්ති පෙරමුණේ නායකයා පක්ෂෙට හොරා මායාදුන්නේට දුන් පොරොන්දු හා මයාදුන්නේ ජවිපෙට දැමූ කොන්දේසි පළමු වරට රට දැන ගත්තේ පසු ගිය 21 වන අගහරුවාදාය. ඒ CSN රූපවාහිනී නාලිකාවේ පැවැති ‘‘ඇත්ත’’ වැඩ සටහන හරහාය.

පහත සටහන් වන්නේ  CSN රූපවාහිනිය ජවිපෙ ජාතික ලැයිස්තු මන්තී‍්‍රධූර අපේක්ෂක සරත් චන්ද්‍රසිරි මායාදුන්නේ මහතා සමඟ කළ සංවාදයේ උපුටනයයි. 

මායාදුන්නේ මහතා ජවිපෙ ජාතික ලැයිස්තු මන්තී‍්‍රධූර ලේඛනයේ අංක එක නියෝජනය කරයි.

ප‍්‍රශ්නය: විගණකාධිපති කියන්නේ නිර්දේශපාලන චරිතයක්. මේ සැරේ මේ වගේ දේශපාලන ප‍්‍රවේශයක් සිද්ධ වෙන්නේ කොහොමද?

පිළිතුර: ඒක ඉතා වැදගත්  ප‍්‍රශ්නයක්. මේ කාරණයට මාව ජාතික  ලයිස්තුවෙන් නම් කිරීම     සඳහා මට පක්ෂ ගණනාවක් ආරාධනා කළා. මම ඒ සෑම ආරාධනාවක්ම ප‍්‍රතික්ෂේප කළා. මම පක්ෂ දේශපාලනයට එකග නෑ. මම ස්වාධීනව කටයුතු කිරීමට තව දුරටත් බලාපොරොත්තු වෙනවයි කියන කතාව කිව්වා. ජනතා විමුක්ති පෙරමුණෙත් කීප දෙනෙක්  මට කතා කළා. ඒත් මම ප‍්‍රතික්ෂේප  කළා.

මෑතක දවසක පාර්ලිමේන්තු මන්තී‍්‍රතුමෙක් ජනතා විමුක්ති පෙරමුණේ මට ආරාධනා කළා යළිත්  වරක්. මම ඒ අවස්ථාවේදිත්  ‘‘මම මේකට එකඟ වෙන්නේ නෑ. ඔබතුමාලා පක්ෂෙට හිතවත්  කෙනෙක්ව  නම් කරගන්න, මාව නම් කරගන්න   එපා, මගේ ප‍්‍රතිපත්තිවලට පටහැනි  නිසා ’’ කියලා  කිව්වා. මම හිතුවා කතාව එතනින් ඉවරයි  කියලා.

එතුමා ඒ එක්කම කිව්වා ඇත්ත වශයෙන්ම ඔබතුමාට අපි ආරාධනා කරන්නේ ඒ හින්දයි  කිව්වා. 

මම ඇහුවා එහෙම  කොහොමද  කියලා? ඉතා පැහැදිලිව එතුමා සඳහන් කළා, මාව නම් කරන්නේ  ජාතික කර්තව්‍යයක් සඳහා. එතුමලගේ පක්ෂයට කිසිම ආකාරයකට බැදීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම එතුමලගේ පක්ෂය වෙනුවෙන් වේදිකාවකට නගින්න හෝ වෙනත් ප‍්‍රචාරක කටයුත්තකට හෝ මැදිහත් වීමේ අවශ්‍යතාවයක් කිසිසේත්ම නැහැ. පාර්ලිමේන්තුවට මාව යම් ආකාරයකින් නම් කළොත් ඉන් පසුවත් ස්වාධීනත්වය ඒ ආකාරයෙන් පවත්වා ගැනීමට කිසිඳු බාධාවක් නැහැ කියන අදහස එතුමා ඉතා පැහැදිලිව සඳහන් කළා.

ප‍්‍රශ්නය: ඔබතුමා කිව්වා  තවත් පක්ෂ කීපයකින්ම ආරාධනා කළා කියලා. නමුත් ඔබතුමා පිළි අරන් තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ආරාධනාව. ඇයි ජනතා විමුක්ති පෙරමුණේ ආරාධනාව පිළි ගත්තේ?

පිළිතුර: එකම කාරණය ඒකට බල පෑවේ, මගේ හිතවත් අය කතා කරපු අනිත් කිසිම පක්ෂයක් ඉදිරිපත් වුණේ නෑ මට ස්වාධීනව ඉන්න ඉඩ දෙනවාය කියන කාරණාවට. ජනතා විමුක්ති පෙරමුණ ඉතා පැහැදිලිව කිව්වා ‘‘ඔබතුමාට මේ ආරාධනා කරන්නේ අපේ පක්ෂය නියෝජනය කරන්න නෙවෙයි. පක්ෂය නියෝජනය කරන්න අපිට කට්ටිය ඉන්නවා, ඔබතුමා අවශ්‍ය වෙන්නේ ජාතික තලයේ අපෙන් විය යුතු යුතුකම ඉෂ්ට කිරීමට කියලා.

ප‍්‍රශ්නය: අපේ රට පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය කි‍්‍රයාත්මක වෙන රටක්. පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය ඇතුළේ ස්වාධීනව ඉන්න - ඔබතුමාව නම් කළොත්- නිදහස, ඒ අවස්ථාව  ලැබෙයිද? තීරණාත්මක අවස්ථාවන් වලදී පක්ෂය වෙනුවෙන් පෙනී ඉන්න අවස්ථාවන් ඇති වෙනවා නේද?

පිළිතුර:  මට ඉතාමත්ම පැහැදිලිව දීපු පොරොන්දුව තමයි කිසිම අවස්ථාවක පක්ෂය වෙනුවෙන් පෙනී හිටීමට මාව යොදා ගන්නේ නෑ කියන එක.

ප‍්‍රශ්නය: නමුත් පක්ෂෙක ජාතික ලැයිස්තුවේ නම් කිරීමෙන්ම ජනතාව හිතන් නැද්ද, ඇගවීමක් නැද්ද ඔබතුමා ඒ පක්ෂයේ ප‍්‍රතිපත්තිත් එක්ක අනුගත වෙන පුද්ගලයෙක් කියලා.

පිළිතුර: මං හිතනවා යථාර්තය කෙනෙක් විකෘතියක් විදිහට දකිනවානම් ඒ අඩු පාඩුව ඒ පුද්ගලයාට.

ප‍්‍රශ්නය: ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු ඉතිහාසය බැලූවම ඔවුන් මනාප ඉල්ලූවෙත් නැහැ ඉස්සෙල්ලා. ජනතාව විසින් පත් කරලා මනාප යම්කිසි ප‍්‍රමාණයක් ලැබුණ කෙනා නෙවෙයි, පක්ෂය තීරණය කරන කෙනා තමයි පාර්ලිමේන්තු ගියේ. මෙතනදීත් ඔබතුමාගේ නම, උපයා ගත්ත කීර්ති නාමය පාවිච්චි කරනවා වෙන්නට බැරිද ඔවුන්ට ඡන්දෙ එකතු කරගන්න.

පිළිතුර:  ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මැතිවරණයකට තරඟ කරන අවසාන අවස්ථාව නම් ඔබතුමාගේ තර්කය ඉතාම ගැලැපෙනවා. පක්ෂයක් කැමැති වෙයිද පක්ෂයකට ජනතාව තැබූ විශ්වාසය විනාශ කරගන්න. ඒක අවසාන අවස්ථාව නම්, පක්ෂ දේශපාලනයට සම්බන්ධ නැති පුද්ගලයෙක්ව නම් කරලා ජනතාව රැවැට්ටීමකට ලක් කරලා කියලා ජනතාවට හැඟෙන දෙයක් පක්ෂයක් කරයිද?

No comments:

Post a Comment