Monday, July 27, 2015

අනුර කුමාරගේ නායකත්ව ශෙෙලිය පක්ෂයට හරි ගියේ නැහැ - සෝමවංශ අමරසිංහ

ජනතා විමුක්ති පෙරමුණ වන්දනීය පක්ෂයක් වුනත් එහි හතර දෙනාගේ කල්ලිය (අනුර කුමාර දිසානායක, ටිල්වින් සිල්වා, විජිත හේරත් සහ ලාල් කාන්ත) නින්දනීය ලෙස හැදින්වීමට අදාළ හේතු සෝමවංශ අමරසිංහ මහතා පැහැදිලි කරයි. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ තුළ හතර දෙනාගේ කල්ලිය ගොඩ නැගුන අයුරුත්  ඔහු මාධ්‍යයට පැහැදිලි කළේ මෙලෙසිනි. 

ජවිපෙ වන්දනීයයි. හතර දෙනාගේ කල්ලිය නින්දනීයයි කියලා ඔබ කියන්නේ අැයි?

ජවිපෙ වන්දනීයයි. හතර දෙනාගේ කල්ලිය නින්දනීයයි. නින්දනීයයි කියලා කියන්නේ හරි පැහැදිලිව. දේශපාලන මණ්ඩලය ඇතුලේ ස්වයං විවේචන නෑ. දැන් අවුරුදු දෙකකට තුනකට කිට්ටු වෙන්න ස්වයං විවේචන නෑ. ඒ අයට ස්වයං විවේචන කරන්න බැහැ. ස්වයං විවේචන කරන්නේ නෑ කියලා ප‍්‍රසිද්ධියේත් කියනවා ලාල් කාන්ත. ප‍්‍රසිද්ධියේ රටට කියනවා මම ස්වයං විවේචන දවසට යන්නේ නෑ මධ්‍යම කාරක සභාවට කියලා. 

ජනතා විමුක්ති පෙරමුණේ තිබෙන ආයතන ව්‍යුහය තුළ හතර දෙනෙකුට පුළුවන්ද පක්ෂයක් මෙහෙය වන්න?

 අපොයි පුළුවන්. ක‍්‍රමාණුකූලව ගෙනියන්න පුළුවන් ඒකට. ස්වයං විවේචන, විවේචන නැති වෙන කොට පක්ෂය ඉවරයි. අවුරුදු 3කට කිට්ටු වෙන්න කාලයක් ඔය ආයතනයේ ස්වයං විවේචන, විවේචන නැත්නම් ඒක ඉවරයි. අනිත් ආයතනවල තියෙනවා. පල්ලෙහා අපේ සහෝදරියන්ගේ, සහෝදරවරුන්ගේ කමිටුවල ස්වයං විවේචන, විවේචන තිතට තියෙන්න  ඕන. මේ වැරැදි කරන මිනිස්සු ඒවට ගිහිල්ලා ඒ සහෝදරියෝ, සහෝදරවරු පට්ට ගහනවා.

මේ හතර දෙනාගේ කල්ලිය එක රැයකින් ගොඩ නැගුණා වෙන්න බැහැනේ. එවැනි අවස්ථා වලදි ඇයි ඔබ නිහඩව හිටියේ?

නිහඩව හිටියේ නැහැ. විශේෂයෙන් මම කිව්ව ප‍්‍රශ්න ගැන මධ්‍යම කාරක සභාවේ, දේශපාලන මණ්ඩලේ මම තමයි කතා කළේ. අලූත් ප‍්‍රශ්න එනකොට වාචිකව කියලත් ලිඛිතව දෙන සම්ප‍්‍රදායක් ගෙනාවෙත් මම  ඕක ඇතුලට. ඒවා කතා නොකර හිටියා නෙවෙයි. ඒවා කතා කළේ සහෝදරත්වයෙන්.  ඒක මම කියන්න  ඕනෙ. කවුරු මොන වැරැුදි කරත් මට සහෝදරත්වය තිබුණා. මිනිස්සු වැරැදි කරනවා. ඒවා හදා ගන්න  ඕනේ.
දැන් මට ඒවා කියන්න සිද්ධවෙලා තියෙන්නේ, මේ වෙලා තියෙන ඇබැද්දියත් එක්ක. මේ සදාචාරමය හැසිරීම, දේශපාලනමය හැසිරීම, සහෝදරවරුන් සමඟ සහෝදරත්වයෙන් ඉන්නවද කියන මේ සියලූ කාරණා මත.

ඒ සහෝදරත්වයෙන්මද අනුර කුමාර පක්ෂ නායකත්වයට පත් කළේ?

පැහැදිලිවම. මාස තුන හතරකට පස්සේ සම්පූර්ණයෙන් වෙනස් වෙනවයි කියලා දැක්ක නම් මම යෝජනා කරන්නේ නැහැ. මම කවදාවත් යෝජනා කරන්නේ නෑ. සමහර සහෝදරවරු හිටියා යම් යම් ලක්ෂණ දැකලා එපා කිව්ව. ඒ බහුතරය නෙවෙයි. ඒක සුලූතරය. මම යෝජනාව ගෙනාව. මධ්‍යම කාරක සභාවේ බහුතරය අනුමත කළා. ඒකමතිකව නෙවෙයි. ඒක කියන්න  ඕනෙ.

ඊට පස්සේ මාස තුනක්වත් යන්න හම්බ වුණේ නෑ. සීඝ‍්‍ර වෙනස් වීමක් පෙන්නගෙන ගියා පුද්ගලයගේ. ඒවට කතා කළා. නමුත් සහෝදරත්වය නැති කරගෙන කතා කළේ නෑ කොයි වෙලාවකවත්. 

මම මේ කාරණාව කියන්න  ඕනෙ. ඒක මම මධ්‍යම කාරක සභාවටත් කියලා තියෙනවා. කාටවත් නෑ කියන්න බෑ. මම නායකත්ව භූමිකාව අත් ඇරියට පස්සේ අලූත් නායකයාගේ නායකත්වය අභිභවන්න කිසි දෙයක් කළේ නැහැ. ඒක නොකළ යුතුයි. එයාගේ නායකත්ව ශෛලිය ගොඩනගා ගන්න දෙන්න  ඕනෙ. සමහරු කියනවා ඒක කරපු එක වැරැදියි කියලා. නමුත් සංවිධානයක් ඉස්සරහට යන්න  ඕනෙ එහෙම තමයි. නමුත් එයාගේ නායකත්ව ශෛලිය පක්ෂයට හරි ගිහිල්ලා නෑ.


එයා දක්ෂයෙක්. එයා දක්ෂයෙක් වුනාට ඔහුට තියෙන ප‍්‍රවීණත්වය මදි කියලා දැන් හොඳටම තේරෙනවා. නායකත්වය ඇති වුණාට පස්සේ වෙනස්කම් ඇති වෙනවා. සමහරුන්ට ඒ වෙනස්කම් දරා ගන්න බෑ. ඒ වෙනස්කම එක්ක තව නිහතමානී වෙන්නේ ඕනේ. අනුර කුමාර එහෙම නොවිච්ච කෙනෙක්. එහෙම නොවිච්ච දේවල් කීපයක් මධ්‍යම කාරක සභාවේ සහෝදරවරු දන්නවා.


No comments:

Post a Comment