නාසා ආයතනය කෙප්ලර් දුර දක්නය
භාවිතයෙන් සිදු කරනු ලැබූ නිරීක්ෂණ මගින් පෘථිවියට සමාන ග්‍රහයෙකු සොයා ගෙන තිබේ. නව ග්‍රහයා හඳුන්වා තිබෙන්නේ කෙප්ලර්-452b නමිනි.සූර්යයාගේ සිට පෘථිවියට තිබෙන දුරට සමාන
දුරක් නව ග්‍රහයා සහ එම සෞරග්‍රහ මණ්ඩලයේ සූර්යයා අතර පවතී. නව ග්‍රහයා පෘථිවියට
වඩා අරයෙන් සියයට 60ක් විශාලය. නාසා පරීක්ෂණ විද්‍යාඥයින් පවසන්නේ
දැනට සොයා ගෙන ඇති ග්‍රහයන් අතරින් පෘථිවියට සමානම ග්‍රහයා ලෙස කෙප්ලර්-452b හැඳින්විය
හැකි බවයි.නව ග්‍රහයා පෘථිවියේ සිට ආලෝක වර්ෂ
එක්දහස් හාරසීයක් (1400ක්) දුරින්
පිහිටා තිබෙන බව නාසා ආයතනය පවසයි.
නාසා ආයතනයේ විද්‍යා අංශ ප්‍රධානී විද්‍යාඥ
ජෝන් ගෘන්ස්ෆෙල්ඩ් මෙය හඳුන්වා දී ඇත්තේ 'පෘථිවිය 2.0' (Earth 2.0)යනුවෙනි.
පෘථිවියට සමාන ලක්ෂණ
ඔක්ස්ෆර්ඩ්
විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සුසෑන් එයිග්‍රීන් පවසන්නේ දැනට සොයාගෙන ඇති ග්‍රහලෝකවල තොරතුරු හා සසඳන විට කෙප්ලර්-452b පෘථිවියට
සමාන ලක්ෂණ රාශියක් පෙන්වන බවයි.
නව ග්‍රහයා
සූර්යයාට සමාන තරුවක් වටා ගමන් කරන අතර එය සූර්යාට වඩා හතර ගුණයකින් විශාලය. දස
ගුණයකින් වඩා දීප්තිමත්ය.
කෙප්ලර්-452b සිය සූර්යයා වටා පරිභ්‍රමණය
වීමට දින 385ක් ගතවේ. සිය කක්ෂය වටා භ්‍රමණය
වීමට ගතවන කාලය පෘථිවිය හා සසඳන විට පස් ගුණයකින් වැඩිය.
තවමත්
කෙප්ලර්-452b
නව ග්‍රහයාගේ
ස්කන්ධය නිශ්චිත වශයෙන්ම ප්‍රකාශ කිරීමට විද්‍යාඥයින් සමත් වී නැත. නමුත් උපකල්පනය
කර තිබෙන්නේ පෘථිවියට වඩා පස් ගුණයකින් වැඩි ස්කන්ධයක් පැවතීමට ඉඩ ඇති බවයි.
කෙප්ලර්-452b ග්‍රහලෝකය මතුපිට ජලය හෝ වෙනත්
දියර පැවතීමට ඉඩ ඇති බව විශ්වාස කලත් එම ග්‍රහ ලෝකය නිර්මාණය වී ඇත්තේ කුමන වර්ගයේ
මාධ්‍යකින්ද යන්න තවමත් පැහැදිලි නැත.
නව ග්‍රහයා
ගමන් කරනු ලබන තාරකාවේ දීප්තිමත් භාවය සැලකිල්ලට ගැනීමෙන් එය සූර්යයාට වඩා පැරණි
බව තීරණය කළ හැකි බව පවසන විද්‍යාඥයන් කියා සිටී. එම තාරකාව කෙමෙන් විශාල වෙමින්
පවතින අතර එමගින් නව ග්‍රහයා මත පැවතීමට ඉඩ ඇතැයි විශ්වාස කෙරෙන සාගර සහ ජල උල්පත්
සදා කාලිකවම සිදී යාමේ අවධානමක් පවතී.
No comments:
Post a Comment