ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ශී‍්‍ර ලංකාවේ සිදු කළ හා සිදු කෙරෙන වංචා, දූෂණ පිළිබඳව මහා ඝෝෂාවක් කරයි. වංචා, දූෂණ පිළිබඳව බොහෝ දෙනෙකුට චෝදනා කරයි. එහෙත් වංචා,දූෂණ හා හොරකම් පිළිබඳව සොයා බැලීමත් ඔවුන් අත් අඩංගුවට ගැනීමත්,නීතිය ඉදිරියට පැමිණවීමේ ලොකුම වගකීම ඇත්තේත් අනුරකුමාරට බව ඔබ දන්නවාද? ඔහු ඇත්ත සඟවයි.
මේ බව පවසා සිටින්නේ ජනතා සේවක පක්ෂයේ ලේකම් සෝමවංශ අමසිංහ මහතායි. ඔහු නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් මෙසේ සදහන්ය.
ජනවාරි මස 29 වැනි දින නිකුත් කළ අමාත්‍ය මණ්ඩල පති‍්‍රකා /15/005/602/002 හා අමප /15/0003/615/002/ මඟින් 2015 ජනවාරි මස 21 දින පැවැත් වුනු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ අදාළ අයට දැනුවත් කර තිබේ.
එයට අනුව කමිටු තුනක් පත් කර ඇත. ඒවා අතරින් තුන්වැනි කමිටුව ඉතාම ප්‍රභලය. එය ක්ෂණික ප්‍රතිචාර කමිටුවයි (RAPID RESPONSE COMMITTEE) වංචා, දූෂණ සහ හොරකම් වලට අදාළව ඕනෑම තැනකට කඩා පැන පරීක්ෂණ පැවැත්වීමට මෙයට බලතල තිබුණි. මෙම ක්ෂණික ප්‍රතිචාර කමිටුවේ සම්බන්ධීකාරක හෙවත් නායකත්වය ලබා දී තිබුණේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකටය. ඔහුට ලබා දී තිබුණ නිලධාරීන් පහත දැක්වේ.
තෝරාගත් අනුයුක්ත රාජ්‍ය නිලධාරීන්, තෝරාගත් අනුයුක්ත පොලිස් නිලධාරීන්, නීතිඥවරුන්,
මූල්‍ය හා විගණන විශේෂඥයින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකාරක වරුන් සහ
කමිටු ලේකම්
කමිටුවේ අරමුණු හා කාර්ය භාරයන්
පසුගිය සමයේ සිදු වුණු මහා පරිමාණ දූෂණ හා වංචා සොයා බලා ඒවා හෙළිදරව් කිරීම හා වැරදිකරුවන්ට එරෙහිව නීතිමය කි‍්‍රයා මාර්ග ගැනීම සහ අනාගතයේ එබඳු සිඳුවීම් ඇති වීම වැළැක්වීමට අවශ්‍ය කටයුතු කිරීම.
වංචා, දූෂණ සහ හොරකම් ගැන සොයා බලා අවශ්‍ය කටයුතු කිරීමේ වගකීම ඇත්තේ අනුර කුමාරටයි. එසේ තිබියදී ඔහු වංචා, දූෂණ සොයා නොබැලීම ගැන බෙරිහන් දෙයි. තමන්ට බලය ලබා දී තිබියදීත් හොරුන්ට දූෂිතයින්ට, වංචාකරුවන්ට එරෙහිව අනුරකුමාර තම කමිටුව මෙහෙය වන්නේ නැත්තේ ඇයි? ඔහු වර්තමානය තුළ දේශපාලනයේ ඉන්න පට්ටපල් බොරු කාරයා නොවේද?
ජනතා විමුක්ති පෙරමුණ විනාශය කරා ඇඳගෙන යන අනුර කුමාර ඇතුලූ නින්දිත හතර දෙනාගේ කල්ලියට රැවටෙන්න එපා.
No comments:
Post a Comment