‘‘1989 දී එක්සත් ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ අළු දූවිලි
බවට පත් කිරීමෙන් පසු එය යළි මහා බලවේගයක්
දක්වා ගොඩනැඟූ සෝමවංශ අමරසිංහ සහෝදරයා 2015 අපේ‍්‍රල් මස 16 වැනි දින ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් විය. ඔහු එසේ කළේ ජනතා විමුක්ති පෙරමුණ යටකරගෙන
සිටින ‘‘නින්දිත හතර දෙනාගේ කල්ලිය’’
විසින් පක්ෂය මිනීමරු එක්සත්
ජාතික පක්ෂය කරා ඇඳගෙන යාමට එරෙහිවය. ජනතා
විමුක්ති පෙරමුණ දැන් වැහැරෙමින් ඇති පක්ෂයකි.’’
ඉහත සටහන ජනතා
සේවක පක්ෂය විසින් ‘‘බටහිර අධිරාජ්‍යවාදී මැදිහත්වීමක තර්ජනයක් ! ජනතාවෙනි සීරුවෙන් !! ’’
යන ශීර්ෂය යටතේ බෙදා හැරි
පති‍්‍රකාවෙන් උපුටා ගැනුනි.
ජනතා සේවක පක්ෂය
සෝමවංශ අමරසිංහ මහතාගේ මූලිකත්වයෙන් රට පුරා ජනතාව දැනුවත් කිරීමේ වැඩ පිළිවෙලක්
දියත් කොට තිබේ. ඒ අනුව වත්මන් දේශපාලන තත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට පති‍්‍රකාවක්
බෙදා හැරේ. 2015
ජූලි 30 වනදා කොටුව දුම්රිය පොල ඉදිරිපිටින් එම පති‍්‍රකාව බෙදා
හැරීම ආරම්භ විය.
පහත සටහන් වන්නේ
එම සම්පූර්ණ පති‍්‍රකාවයි.
ශී‍්‍ර ලාංකීය
පුරවැසි ඡන්දදායක ඔබ තවත් මහා මැතිවරණයක් අභියසට පැමිණ ඇත. එයට ජනතා සේවක පක්ෂයද
සහභාගී වීමට නියමිත විය. ජනතා සේවක පක්ෂය
සිය මංගල සමුළුව පැවැත්වූයේ 2015 ජූනි මස 27 වැනිදායි. ජනතා සේවක පක්ෂය පිහිටුවීමට සිදු වූයේ ඇයි?
සදාදරණීය රෝහණ විජේවීර
සහෝදරයා ජනතා විමුක්ති පෙරමුණ බිහිකළේ ශී‍්‍ර ලාංකීය භූමිය මත පොදු ජන ප්රජාතන්ත්රවාදය හා සමාජ සාධාරණය ස්ථාපිත කිරීමේ එනම් සමාජවාදය
ස්ථාපිත කිරීමේ ඒකායන අරමුණ ජයග්‍රහණය කරවීමටයි.
2005
ජනාධිපතිවරණයේ සිට ජනතා විමුක්ති පෙරමුණ පීලි පැන්න නිසා 2005 වන විට එය සතු වූ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු 39 ඇතුලූ පළාත් සභා, නගර සභා, ප්‍රාදේශීය සභා මන්තී‍්‍රවරු 507ක් අහිමි වී දැන් ඒ ගණන 85 ට වැටී ඇත. ඒ
පීළි පැනීමත් දේශපාලන වශයෙන් නන්නත්තාර වීමත් නිසා ජනතා විමුක්ති පෙරමුණ දෙවරක්ම කැඩී බිඳී ගියේය.
1989
දී එක්සත් ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ අළු දූවිලි බවට පත් කිරීමෙන් පසු එය යළි මහා බලවේගයක් දක්වා ගොඩනැඟූ සෝමවංශ
අමරසිංහ සහෝදරයා 2015 අපේ‍්‍රල් මස 16 වැනි දින ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් විය. ඔහු එසේ කළේ ජනතා විමුක්ති පෙරමුණ යටකරගෙන
සිටින ‘‘නින්දිත හතර දෙනාගේ කල්ලිය’’
විසින් පක්ෂය මිනීමරු එක්සත්
ජාතික පක්ෂය කරා ඇඳගෙන යාමට එරෙහිවය. ජනතා
විමුක්ති පෙරමුණ දැන් වැහැරෙමින් ඇති පක්ෂයකි.
කිසිම පක්ෂයකට
ආණ්ඩුවක් පිහිටු වීමට තරම් බලයක් නොලැබේ
2015
අගෝස්තු මස 17වැනි
දින පැවැත්වෙන මහ මැතිවරණය ජයගෙන ආණ්ඩුවක් පිහිටු වන්නේ කුමණ පක්ෂයද?
ජනතාව පක්ෂවලට බෙදී ඇති
ආකාරය අනුව කිසිම පක්ෂයකට ශක්තිමත් ආණ්ඩුවක් හදන්නට තරම් බලයක් ලැබේ යැයි සිතන්නට
නොහැකිය. එනිසා රට තුළ තවදුරටත් අවුල්
සහගත තත්වය පවතිනු ඇත. ඒ අවුල පවතිනතාක් රටට
සුගතියක් වන්නේද නැත.
කුමණ පක්ෂය
පාර්ලිමේන්තුවේ වැඩි ආසන ගණන හිමි කරගත්තත් එය ආණ්ඩුවක් හදන්නේ අන් පක්ෂවල මන්තී‍්‍රවරුන්
මිලදී ගෙනය. එතැන් සිට සුපුරුදු පැරැණි
ජවනිකා සියල්ල යළි දිග හැරෙනු ඇත.
කණගාටුවෙන් වුවද ශී‍්‍ර ලංකාවේ පවතින, ‘‘ඇත්ත දේශපාලන තත්වය’’
මෙය බව සඳහන් කළ යුතුව ඇත. බලයට එන අය නිවැරැදි වේ යැයි ජනතාව බලාපොරොත්තු වේ.නමුත් වසර 67ක් පුරා ඒ බලාපොරෝත්තුව සුන් වූ බවද ජනතාව දනී.
අධිරාජ්‍ය
විරෝධී,
වාමාංශික,
ප්රගතිශීලී,
දේශපේ‍්‍රමී පොදු ජනතාවගේ
සිත් සතන් තුළින් ජවිපෙ වේගයෙන් ඈත් වෙමින් ඇත
පුරා අවුරුදු 50ක් තිස්සේ පැවැති විකල්ප දේශපාලන පක්ෂය වූ ජනතා විමුක්ති
පෙරමුණ මාස කීපයක සිට බටහිර අධිරාජ්‍යගැති එක්සත් ජාතික පක්ෂයේ ග්‍රහණයට හසු වී ඇත. ඒ
මදිවාට කූට ජාවාරම් කරුවන්ගේ කලූ සල්ලි වලට විකිණී ඇත. එය අධිරාජ්‍ය විරෝධී
වාමාංශික,
ප්රගතිශීලී,
දේශපේ‍්‍රමී පොදු ජනතාවගේ සිත් සතන් තුළින් වේගයෙන් ඈත් වෙමින්
ඇත. ජනතාව දැන් එය පිළිකුළෙන් යුතුව බැහැර කරනු පෙනේ. නමුත් ඔබ
බලාපොරෝත්තු සුන් කර ගත යුතු නැත.
ජනතා සේවක
පක්ෂය බිහි වී ඉදිරියට ගමන් කරමින් ඇත. 2015 ජූනි 27 වැනි දින සිය මංගල සමුළුව පවත්වා දින 13ක් ඉක්මවන විටත් ජනතා සේවක පක්ෂය තවත් පක්ෂ හා සංවිධාන
ගණනාවක් සමඟ අධිරාජ්‍ය විරෝධී, දේශපේ‍්‍රමී, වාමාංශික, ප්රගතිශීලී, ප්රජාතන්ත්රවාදී පළල් පෙරමුණක් බිහි කිරීමට සමත්
විය. ජනතා විමුක්ති පෙරමුණත්,
එක්සත් ජාතික පක්ෂයත් එම
ජනතාවාදී පෙරමුණ අවුල් කිරීමට සාහසික කුමන්ත්‍රණයක් දියත් කළ අතර ඒ නිසා ජනතා
සේවක පක්ෂයට මෙම මහ මැතිවරණයට තරඟ බිමින් ඉවත් වන්නට සිදු විය. නමුත් එය මැතිවරණ
ව්‍යාපාරයෙන් ඉවත් වන්නේ නැත. එසේම ඉදිරියේදී පැවැත්වීමට නියමිත සියලූ මැතිවරණවලට
එය ඉදිරිපත් වනු ඇත.
ලාංකීය සිංහල,දෙමළ,මුස්ලිම්,බර්ගර්,මැලේ හා සෙසු ජනතාවෙනි, වර්තමානයේ රට තුළ සිදුවන දේශපාලන කුමන්ත්‍රණ පිළිබඳව
අපි ඔබ දැනුවත් කරමු. ඔබ හොඳින් දැනුවත් වන්න. ශී‍්‍ර ලංකාව ආර්ථික,දේශපාලන,සංස්කෘතික වශයෙන් අධිරාජ්‍යවාදීන්ගේ ග්‍රහණයට හසු
කරලීමට ප්රයත්න දියත් වී තිබේ. බෙදුම්වාදී දේශපාලන පෙරමුණ ශක්තිමත් වන ලකුණු පහළ
වෙමින් තිබේ. ලංකාව පුරා තරුණ තරුණියන් ලක්ෂයකට වඩා ඝාතනය කළ හා ඒ පිළිබඳව කණගාටුව
ප්‍රකාශ නොකළ ප්රභාකරන් සමඟ ගිවිසුම් අත්සන් කර ඔහු වෙනම රාජ්‍යයක් බිහි කිරීමේ
ආසන්න තත්වයකට ශී‍්‍ර ලංකාව ඇද දැමූ ‘‘යළි පුබුදමු ශී‍්‍ර ලංකා’’
මඟින් ශී‍්‍ර ලංකා ආර්ථිකය
අධිරාජ්‍යවාදීන් සතු කරන්නට ප්රයත්න දැරූ, ශී‍්‍ර ලංකාව තුළ බටහිර අධිරාජ්‍යවාදීන්ගේ යුද කඳවුරු
ගොඩනඟන්නට ඉඩකඩ ලබා දීමට ඇප කැප වී ඇති එක්සත් ජාතික පක්ෂයටත් එය සමඟ හවුල් වන පක්ෂ වලටත් නොරැවැටීමට ජනතාව වග බලා
ගත යුතුව ඇත.
ජනතා විමුක්ති
පෙරමුණද මේ මොහොතේ එක්සත් ජාතික පක්ෂය හා රහසිගත
ලෙස එකඟතාවයක පිහිටා ඇති බවද කණගාටුවෙන් වුවද කිව යුතුය.
අතීත වැරැදි ජනතාව වෙනුවෙන් නිවැරැදි කරගන්නා බවට සහතික වන
පක්ෂයට ඡන්දය දෙන්න
ශී‍්‍ර ලංකාව
තුළ බෙදුම්වාදී දේශපාලන පෙරමුණ ශක්තිමත්
කිරීමටත් ආර්ථික, දේශපාලන හා
සංස්කෘතික වශයෙන් අපේ මව්බිම ‘‘යළි යටත් විජිත කරණයට’’
හසු කිරීමටත් කටයුතු කරන
පක්ෂ වලටත්, මහජන
දේපල,
සම්පත් හා මුදල් කොල්ල කන, තිස් අවුරුදු යුද්දය නිමවීමෙන් පසු උදාවූ අනගි අවස්ථාව යොදා ගෙන රට තුළ සාමය,
සංහිඳියාව හා යහපාලනය ස්ථාපිත
කරන්නට අසමත් වූ පක්ෂවලටත්, කූට හොර ජාවාරම් කරුවන්ගේ කලූ සල්ලිවලට යට වූ පක්ෂ වලටත්,
ඡුන්දය දීමෙන් වළකින්න.
සියලූ අතීත වැරැදි ජනතාව වෙනුවෙන්
නිවැරැදි කරගන්නා බවට සහතික වන පක්ෂයට ඡන්දය දෙන්න
ශී‍්‍ර ලංකාව
සිංහල,
දෙමළ,
මුස්ලිම්,
බර්ගර්,මැලේ අප සියළු දෙනාගේ ආදරණීය මව් බිමයි.
අවුරුදු
දහස් ගණනක් තිස්සේ අපි ගොඩ නඟා ගත් අපේම
ආර්ථික,
දේශපාලන,
සංස්කෘතික ජයග්‍රහණ
රැකගෙන ලොව පුරා සෙසු රටවල් අත්පත් කරගෙන ඇති සියලූම ආර්ථික,
දේශපාලන හා සංස්කෘතික සාධණීය ජයග්‍රහණ සියල්ල උකහා ගෙන,
ඒවා එකට කැටි කොට යොදා ගනිමින්
ශී‍්‍ර ලංකාව තුළ වඩා ඉහළ
සංවර්ධිත ආර්ථික, දේශපාලන හා
සංස්කෘතික ජයග්‍රහණ සාක්ෂාත් කරගෙන, ඒ ජයග්‍රහණ ලොව පුරා බෙදා හරින ශ්‍රේෂ්ඨ
මධ්‍යස්ථානය බවට ශී‍්‍ර ලංකාව ඉහළට ඔසවා තැබීම සඳහා ජනතා
සේවක පක්ෂය හා එක් වන්න.
සංවිධානය
වන්න. අරගල කරන්න. ජයගන්න.
No comments:
Post a Comment